2014-12-29

පාදඩ පිස්සු බල්ලෝ


බල්ලන්ට පිස්සු හැදුනා ම ඇතිවෙන  තත්ත්වේ මොකක්ද කියල මේක කියෝන ඔහෙලට අමුතුවෙන් කියන්න  ඕනේ නැත.

විභීෂණ අහල තියෙන විදියට බල්ලන්ට පිස්සු හැදෙන්නේ ඒ කියන්නේ ජලභීතිකාව කියන ලෙඩේ හැදෙන්නේ බොහෝ වෙලාවට පායන කාලෙට ය. ඔය කතාව  කියල මට මෙතන ඔප්පු කරන්න විදියක් නැත්තේ පායන කාලෙට පිස්සු හැදෙන බල්ලෝ ගානයි, වහින කාලෙට පිස්සු හැදෙන බල්ලෝ ගානයි ගණන් කරන්න මේ වෙනකන් මගේ කාලය වියදම් කරන්න අවස්තාවක් ලැබුනේ නැති නිසා ය.


එත් විභීෂණ ගේ ගෙවල් පැත්තේ මෙච්චර කල් දැකපු පිස්සු බලු සීන් ඔක්කොම වුනේ ගිනි කාස්ටකෙට පායන කාල වල වලදී ය.

ඔය ජලභීතිකාව හැදුනු බල්ලා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වතුරට ගූ බය ය. වතුර කියන්නේ වසක් විසක් නොවුනත්මේ පිස්සු බල්ලන්ට වතුර යනු හලාහල විසය. ඒ හින්දා වතුර දුටු තැන උන් මාරාවේස වන අතර වතුර නැති පලාතක් හොයාගනේ ඉබාගාතේ දුවගෙන ගිහින් එක මොහොතකදී මැරී වැටෙන්නේය. විභීෂණ අහල තියෙන විදියට ජලභීතිකාව හැදිච්චි පිස්සු බල්ලෝ න්ට හරියට ඇස් පේන්නේ නැත. ඒ කියන්නේ උන් පිස්සුවෙන් අන්ධ ය.ඒ හින්ද  ඉබාගාතේ ඇවිදගෙන යන උන් ඒ යන පාරේ හම්බු වෙන ඕනෑම පන ඇති එකෙක් ව හපා කා දමන්නේ ය. එහෙම ඉබාගාතේ ඇවිදින ඒ බල්ලා ව එක්කෝ කවුරුහරි මරා දමනේය. එහෙම නැත්නම් දවස් කීපයක් ගිහින් ඉබේම මැරිච්ච උගේ බොඩිය හම්බු වෙන්නේය.

පිස්සු බල්ලාගේ, බල්ලන්ගේ ඉරණම එසේ ය.

මෙච්චර ප්‍රශ්න තියෙද්දී විභීෂණ පිස්සු බලු කේස් එකක් වේදිකාව ට ගෙනාවේ මොකද කියල මේක කියෝන ඔහෙලා කවුරුවත් මා එක්ක අමනාප නොවෙන සේක්වා.

අද හවස ආපු නිවුස් එක දැක්කම විභීෂණ ගේ ඔලුවට ආපු ඔල්මොරොන්දම් අදහස් ටික තමයි ඔය විදියට උඩින් ලියල දැම්මේ.

මේ තියෙන්නේ එහෙම අදහස් එන්න හෙතුවෙච්ච , බුකියේ දැක්ක වචන පෙළ ය.
//
ලූත් පරපුරේ කලාකරුවන්ට
කුඹුක්ගැටේ දී මැර ප‍්‍රහාරයක්
- සමනලී ෆොන්සේකා හා ඉන්ද්‍රචාප ලියනගේ ඇතුලූ කිහිප දෙනෙක් තුවාල ලබා රොහල්ගතකර ඇත.

- ප‍්‍රහාරයට 150 කට ආසන්න මැර කණ්ඩායමක් පැමිණි බවට ගම්මුන් පවසති.
අද දහවල් 12.30 ට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී වත්මන් පාලනයේ ඇති අසාධාරණය සහ අකටයුතුකම් පිළිබඳව ගමින් ගමට සිදුකරන දැනුවත් කිරීමේ වැඩසටහනට හා සංගීත ප‍්‍රසංගයට සහභාගී වූ අලූත් පරපුරේ කලාකරුවන් 20 කට ආසන්න පිරිසකට මැර ප‍්‍රහාරයක් එල්ලවී තිබේ.

එම මැර ප‍්‍රහාරය සඳහා වයඹ පළාත් සභා මන්ත‍්‍රී දොන් කමල් ඉන්දික ඇතුලූ මැරයන් 150 ක් පමණ පැමිණි බව ප‍්‍රදේශවාසීන් පෙන්වා දෙයි. කලාකරුවන්ට වටකොට ගල්මුල් සහ පොලූවලින් පහරදී තිබේ.

එම ප‍්‍රහාරයෙන් සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ ඇතුලූ තරුණ කලාකරුවන් කිහිප දෙනෙකුසේම චිත‍්‍රපට අධ්‍යක්‍ෂ උදය ධර්මවර්ධන සහ ප‍්‍රවීන ගායක ලක්‍ෂමන් විජේසේකර මහතා ද තුවාල ලබා ඇත.

අලූත් පරපුරේ කලාකරුවන් පෙන්වා දෙන්නේ වත්මන් රජය විදෙස්් කලාකරුවන් මල්මාලා දමා පිළිගනිද්දී සත්‍ය කතාකරන්නට ගමෙන් ගමට යන අපේ කලාකරුවන්ට හිමිවන්නේ ගල් මුගුරු ප‍්‍රහාර බවයි. කෙතරම් ප‍්‍රහාර එල්ලවූවත් තරුණ කලාකරුවන්ගෙන් රටට වියයුතු සේවය සහ ගම දැනුවත් කිරීම අඛණ්ඩව සිදුකරන බව අලූත් පරපුරේ සාමාජිකයන් අවධාරණය කර සිටී.




//

අවුරුදු තිහක් තිස්සේ තිබ්බ යුද්ධෙ 2009 දී අහවර කරලා ඒ හිලව්වට 2010 දී අපිට කියල කළගුණ සලක ගත්තු "රා " පරපුර එයින් පස්සේ අපිටම හිටු හිටු කියල කළගුණ සලකන්න පටන් ගත්තු හැටි වෙන කාට කොහොම වෙතත් විභීෂණ ට අමතක වෙලා නැත.

අද කුරුනෑගල දී කළගුණ සලක ගත්තු ඔය  "අලුත් පරපුරේ" ඉන්න කලාකාරයෝ බොහොමයක් එදා ලොක්කට කළගුණ සලකන්න පනාපුත්‍රයා එක්ක අත්වැල් බැඳගෙන ගම වටේ රට වටේ ගිය අයවලුන්ය.

අද මේ ඇතිවෙලා තියෙන බලු සිස්ටම් එකට අනුව ; රටේ ආදායම පිල්ලි ගහන, රට චීනාට උකස් කරන, හිතු හිතු බලු වැඩ ප්‍රසිද්ධියේ කරන මේ දුරාචාර "රා " සංස්ථාවට විරුද්ධ වෙන්න හඬක් නගන්න දැන් කාටවත් බැරි ය.

උන්ට ඕන විදියට , උන් හදන සහ කඩන නීතියට අනුව  උන් දෙන දෙයක් විසිකරන කට්ටක් ලෙව කාගෙන වෙන දෙයක් බලාගෙන උපන්නාට ඔහේ වැනී වැනී අපි සිටිය යුතු ය.

එහෙම නොවන , ඒ සිස්ටම් එක ට  වචනෙකින් අකුරකින් හරි විතරක් නොව ඉරකින් තිතකින් කොමාවකින් හරි විරුද්ධ වෙන කවුරු හරි ඉන්නවා නම් "රා " සංස්ථාවේ ලොක්කෝ කරන්නේ වලව්වේ කටු කන උන්මත්තක වෙච්ච පිස්සු හැදිච්ච ගෙරි බල්ලෝ රැළ ඒ විරුද්ධ වාදියා ට විරුද්ධව ලිහා දමන එකය.

2010 දී "රා " කොම්පැනියට  විරුද්ධ වෙච්ච ෆොන්සේකා ව හපාකෑවේ ඒ බලු රැළය.
2011 දී තමුන් දුක් මහන්සියෙන් හම්බු කරගත්තු තුට්ටු දෙක ත් හොරාකන්න බලාගෙන කාටවත් ඕන නොවෙච්ච හොර පැන්ෂන් එකක් ගෙන එකට විරුද්ධ වෙච්ච වෙළඳ කලාපේ කොල්ලෝ කෙල්ලන්ව හපා කෑවේ , එක අහිංසකයෙක් ව මරල දැම්මේ ඒ බලු රැළ ය.

2012 දී හලාවත ධීවරයෙක් ව ඔලුවට  වෙඩි තියල මරල දැම්මෙත්, රතු පස්සල දී පිරිසිඳු වතුර වෙනුවෙන් පාරට බැස්ස මිනිස්සුන්ව හපා කෑවේ ,ඉස්කෝලේ ගිය ළමයිනුත් එක්ක තුන් හතර දෙනෙක් ව මරල දැම්මේ ගෙරි  බලු රැළ ය.
 
එහෙම වුනේ තමුන්ගේ බලය සදාකාලිකයි කියල මේ "රා "කොම්පනියත් ඒ වලව්වේ කටු කන ගෙරිබල්ලෝත් හිතාගෙන ඉන්න හින්දාය.
ජලභීතිකාව හැදිච්ච සිවුපා බල්ලා වගේම මේ දෙපා බල්ලොත් බලයෙන් උන්මත්තක වෙලාය , අන්ධ වෙලා ය .

ඒ හින්දා සිව්පා බල්ලා වගේම තමුන්ගේ ඉස්සරහට එන ඕනෑම එකෙක් හපාකනවා ය.
එත් දැන් ගෙවෙන්නේ මේ පිස්සු බල්ලන්ගේ අවසාන දින කීප ය ය. 
අවසන් මොහොත ලං වෙන කොට පිස්සු බල්ලන්ට පිස්සුව තදටම වැළඳෙන්නේය.


ඒවගේම බල්ලන්ට පිස්සු හැදුනු බව කලඳක් විතර මොලයක් තියෙන ඕනෑම එකෙක්ට වැටහෙන්නට ද පටන් ගත්තේය.

පිස්සු හැදුනු කකුල් හතරේ බල්ලෙක්  පාරේ එහා මෙහා යනකොට  පිස්සුනොහැදුණු අනික් බල්ලෝ ටික උගෙන් පුළුවන් තරම් ඈත් වී ඉන්නේ මිනිස්සුන්ට තරමට ම  නොවුනත් උන්ට ද තත්ත්වයේ බැරෑරුම් කම දැනෙන හින්ද ය.

අවසානේ ලන්වෙච්ච පිස්සු තද වෙච්ච වලව්වේ බල්ලෝ එහා මෙහා දුවද්දී තාමත් පිස්සු නොහැදිච්ච බල්ලෝ වගේම මෙච්චර කල් කලාවෙන් සංගීතයෙන් නාට්ටියෙන් වලව්වේ වලන් හෝදපු අප්පුහාමිලා කුස්සි අම්මලා ටික ත් සේරම හෙමීට වලව්ව අතහැර එලියටපැමිණෙන්න පටන් අරන් ඇත.


වලව්වේ හාමුට,බේබිලට වගේම ගෙරිබල්ලන්ටත් පිස්සු හැදී ඔඩු දුවා ඇති බව සහ මේ පිස්සු වාහෙලාගෙන් අඩුගානේ වලව්ව වත් බේරගන්න ඕන බව දැන් මේ එලියට ආපු කට්ටිය කියන්නට පටන් අරන් ඇත.

එහෙම තැන් තැන් වල මේ කතා කියෝගෙන යනකොට අර පිස්සු හොන්තු වලට ,මල යක්ස සේනාවට ඉවසුම් දෙන්නේ නැත. මළගම අතළඟ පිස්සු බල්ලෝ ටික අද මේ කලාකාරයන් ව , වෙනසකට පෙරමුණ ගත්තු  කලාකාරයින්ව හපා කෑවේ ඒ හින්දා ය.

අද ගුටි කෑවේ,තුවාල ලැබුවේ, කුණුහරුප ඇහුවේ තමුන්ට පුළු පුළුවන් හැටියට තමුන් දන්නා තමුන්ගේ කලා හැකියාව පාවිච්චි කරලා මොහොතකට හරි මිනිස්සුන්ව සතුටු කරපු අපේම මිනිස්සු ය. 
වෙන රටක කලාකාරයෙක්ට ලැබෙන ධනය , සැලකිල්ල ගෞරවය දිහා බලන කොට මේ මිනිස්සු තාමත් මේ රට ඇතුලේ ඉඳගෙන කළා කටයුතු කරන එකම ලොකු කැපවීමක් ය, රටට වාසනාවක් ය .මොන දේ කලත් උන්ගේ හැකියාවට අපි ගරු කල යුතුය.

මරාට ,සිරාට බැරි නම් අර  ටැට්ටර්  සාදුට හරි කඩේ යනඑක අපේ වගේම උන්ගේ ද අයිතිවාසි කමය. ලොක්කගේ  රට මහලොකු පොජාතන්ත්‍රවාදී රටක් නම් ඔව්ව මූලික අයිතිවාසිකම් ය. 

එත් විරුද්ධ මත දරන එකාට ගහල බැනලා ඒ මතය පොඩි පට්ටම් කරන්නේ පාදඩ ගෙරි  බල්ලෝ මිස හිසක් ඇති සහ හිස ඇතුලේ මොලයක් තියෙන මිනිස්සු නම් නොවේ ය.

වැඩියේ ප්‍රචලිත නැති මාධ්‍යයක් වන බ්ලොග් වල අපි කතා කරන තරම් වත් ජැක්-සන් , මධු-මාදව , රන්-දෙනිය , ගීතා , ගයේෂා වගේ මහලොකු සංවේදී ,ජනමූල, මනෝමූල කළා කාරයෝ අද වෙච්චි දේ ගැන වචනයක් කතා කරන්න  කට ඇරියේ නැත. 

තමුන් වගේ අමු නිර්වස්තරෙන් වලව්වට කඩේ යන්න "අලුත් පරපුර" ඉදිරිපත් නොවුණු හින්ද උන්ට මොන දේ වුනත් මේ වාහෙලා අද බකන් නිලාගෙන සිටී.
එතකොට ඉතින් අද කුරුනෑගල දී එලි බැහැපු ඒ පාදඩ ගෙරි බල්ලොයි මේ වලව්වේ කළා රිටවල් ටිකයි අතර විභීෂණ ට වෙනසක් දැනෙන්නේ නැති වීම පුදුමයට කරුණක් නොවේ ය.


මොනවා වුනත් කවුරු මොන බයිලේ ගැහුවත් "රා" කොම්පැනිය අවසානය කරා ලංවන බව සක්සුදක් සේ පැහැදිලි ය. හැම තැනම පේන්නේ සොහොන් ලකුණු ය.
එහෙම නොවේ නම්  , තමුන්ගේ ජය ඉර හඳ  වගේ පැහැදිලි නම් ලයිට් කණු ගානේ එල්ලුම් ගස් යන්න, වවුල් ඩාන්ස් දාන්න උවමනා නැත.මිනිස්සුන්ගේ බදු මුදල් වලින් දුවන ආණ්ඩුවේ මීඩියා කක්කුස්සි කටවල් කරන්න උවමනා නැත, හතර අතේ ඔරලෝසු, බයිසිකල්, ෆෝන්, සාරි බෙදන්න උවමනා නැත.
කොටින්ම මුවෝ මරණ සලමොන් ගෙන් , ආප්ප ජැකී ගෙන් උදවු උපකාර පතන්න උවමනා නැත.


පහුගිය අවුරුදු හතර තිස්සේ වෙච්ච දේවල් මතක , මොලේ ඇති මිනිස්සු විදියට මේ වෙලාවේ "මුලින්ම" කරන්න ඕන මේ පිස්සු බලු රෑනම අතුගාලා දමන එකය.
ඊට පස්සේ හැමෝම එකතුවෙලා කරන්න තව ගොඩක් වැඩ කටයුතු ඇත.

ආපහු කාලගුණ සලකන්න උවමනා නැත. එක 2010 දී කළා නේ.

කළගුණ සලකන්න කියල ආපහු මේ රෑන තියාගත්තොත් වෙන්නේ අදටත් වඩා භයානක තත්ත්ව වලට හෙට මූණ දෙන්න වෙන එකය.

අර මේ දවස් වල බුකියේ යන පොස්ටරෙකත් තියෙනවා වගේ කිරි හට්ටියක් පැණි මුලක් වගේ දෙයක් අරන් ගිහින් මිසක් සර්ව ජන ඡන්ද බලය වගේ දියුණු සංකල්ප භාවිතා කරලා කාලගුණ සලකන්න තරම් මෝඩ වෙන්න උවමනා නැත.

රෑ වැටුණු වලේ දවල් ගිහින් පනින්න තරම් ගොන් වෙන්න උවමනා නැත.

තව සති දෙකයි.
ඉක්මනට පිස්සු බලු බේත්, ඉන්ජෙක්ෂන් ලැස්ති කර ගම්මු.
නැත්තන් මේ රැලම ඔහෙලා අපිව ද හපාකන දවස වැඩි ඈතක නැත.

අද වෙච්ච දේ ගැන තාමත් තියෙන්නේ බොහොම කනගාටුවකි.

මොනවා වුනත් අදට මෙච්චරයි.
ආපහු හම්බුවෙමු.



-------------------------------------------------------------------------------------------------------------------------
පාටි කැන්සල්
====================
දෙයියනේ කියල පාටියක් දාගෙන අවුරුද්දේ අන්තිම සතිය ගෙවන්න හැදුවා විතරයි ඇඟේ මාළු ගඟේ නටන මේ නිවුස් එක මගේ ජංගම දු.ක ට ආවේය. 
පාටියටලැස්ති වෙන පොස්ට් එකේදී කිව්වා වගේම නොලියාම බැරි මොහොතක් පැමිණ ඇත. තව ඒවගේ මොහොතවල් පෝලිමේ එනුද පෙනේ.
මේ වගේ වෙලාවකවත් නොලියා පාටි දදා ඉන්නවා නම් මේ විභීෂණ අඩවිය කිසි වැඩකට ඇති බ්ලොගක් වෙන්නේ නැත.
එහින්දා ඉතින් විභීෂණ අඩවිය ඇතුලේ සතියක ට හරියන්න ප්ලැන් කරපු පාටි සේරම දෙවෙනි විභීෂණ වන මාගේ විශේෂ නියෝගය පරිදි මේ මොහොතේ සිට අවලංගු කෙරෙනු ඇත.
මේ මොහොතේ සිට නැවතත් විභීෂණ සුපුරුදු සංග්‍රාමයට අවතීර්ණ වනු ඇත.

30 comments:

  1. ලියල තියන ඔක්කොම හරි.ඕකට නිට්ටාවට බේත් දෙන්න තව බල්ලො සෙට් එකක් ගමු.ඒකෙ මරු බූල් බල්ලො ඉන්නෙ.මුන් වගෙ සාටර් නෑ.වධකාගාර පවත්වාගෙන ගිය නියම ඇල්සේෂන් එවුන් ඉන්නෙ.කලාකාරයන්ගෙ කොන්ඩ කපපු කලාකාරයන්ගෙ ගෙවල් ගිනිතිබ්බ මරු බැල්ලියො ඉන්නෙ.කුරුදු පොලු සත්කාර එහෙමත් කෙරෙනව.මේනු එකේ අන්තිමට ටයර් ප්‍රතිකාරත් තියෙනව.නඩුකාරයන්ගෙ ගෙවල් වලට ගල් ගැහිලි,පාතාලෙත් පරිපාලනයට සම්බන්ද කර ගැනීම වැනි සුපිරි වැඩ කෑලි තියෙන්නෙ.හැමදාම නෑ හැමතැනම නෑ හොඳ බූල් බල්ලො ටිකක් තෝරගනිමු.බල්ලො නැත්නම් කොටි උනත් ඉන්නව .ආයෙ බ්‍රේකින් නිව්ස් එකක් අහන්න නැතිව පාලු අයට කොටිත් ඉන්නව.අට වෙනිදට මුන් වගෙ වල්සේසන් ගන්කබරයො වෙනුවට හොඳ ඇල්සේසන් මිනීකන බල්ලො ටිකක් තෝරගනිමු.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම එකඟයි .

      මේ ඉන්න පාදඩ බල්ලෝ සැට් එක එලෙව්වා කියමුකෝ. ඊට පස්සේ එන්නෙත් වෙන ජාතියක බල්ලෝ සැට් එකක් නම් එවුනුත් ටික කාලයක් ගිහින් අපිව හපාකන එක ආපහු සැක කරන්න දෙයක් නැහැ.

      මෙතන වෙලා තියෙන්නේ මේ ලංකාවේ සමාජේ ; දෙන දේ කාල වෙන දේ බලන් ඉඳල ඉන්න , පාලකයෝ තමුන්ගේ බොටුව මිරිකගෙන මිරිකගෙන ඇවිත් හුස්ම ගන්න බැරි වේගෙන එනකොට ඒ පාලකයාව අයින් කරලා වෙන පාලකයෙක්ට තමුන්ගේ බොටුව බාර කරන ඒ පාලක හුවමාරුවේදී විතරක් සෑහෙන කාලෙකට හරියන්න හුස්ම ටිකක් ගන්න පුරුදු වෙච්ච ජාතියක්.
      ඔහොම පින්ගුත්තරයෝ වගේ ඉඳල නම් මේ රට ගොඩ ගන්න බැහැ.
      ඒමේ ජනවාරි 8 වෙනිදා ට ඉන්න බලු සනුහරේ එලෝලා දාල අලුත් සැට් එහෙකට බාර දීලා අපේ වැඩේ ඉවරයි කියල හිතුවොත් නම් සදා සොත්ති තමයි.
      ඒ හින්ද මරා එලොගන්න පුළුවන් උනොත් , ඊට පස්සේ එන සිරා ට ත් පිස්සු කෙලින්න බැරි වෙන්න වැඩ කටයුතු සලස්සන එක තමයි රට ට ආදරේ නම් පුරවැසියෝ විදියට අපේ යුතුකම.
      වැද්දෙ තියෙන්නේ බන් ඔය මම කියපු ටික රටේ මිනිස්සුන්ට කියාදෙන්න එකෙක් නැති එකනේ.

      ---
      උඹේ කමෙන්ට් එක නම් බොහොම වටිනවා.

      Delete
  2. ඉන්න සේරම බල්ලොනම් තෝරගන්න වෙනවා හොඳ බල්ලො. අතීතයේ කරපු මෝඩකම් පාදඩකම් පාඩමක් ඉගෙනගත්තට පස්සෙ ආයිත් කරනවනම් උන් ඉවත්කරන්නත් ජනතාව දැනගන්න ඕනි. කාලෙකට කලින් කල බලුකම් නිසා වීඳවාලා ආයි ඒ බලුකම් නොකර ඉඳියි කියල අපි විශ්වාස කරන උන් කරන දේයී දිගටම බලුකම් කරන බලුකමුයි අතරෙ වෙනසක් තියේවි. එදා සිටි ඡන්ද දායකයා අද වෙනස් නැත්නම් එදා සිට දේශපාලකයාද අදද එසේමය. ඡන්ද දායකයා වෙනස් වෙලා නෑ කියලා විශ්වාසනම් ඇයි මේ බලුකම්?

    ReplyDelete
    Replies
    1. //දිගටම බලුකම් කරන බලුකමුයි// යන්න “දිගටම කරන බලුකමුයි“ ලෙස වෙනස් විය යුතු. නැත්නම් නඩුත් යාවි. වීභියා නෙමෙයි අනික් අය.

      Delete
    2. //ඡන්ද දායකයා වෙනස් වෙලා නෑ කියලා විශ්වාසනම් ඇයි මේ බලුකම්//

      ඡන්ද දායකයා නම් වෙනස් වෙලා .
      එත් ඒ එක්ක "රා " බල්ලෝ න්ට වෙනස් වෙන්න බැරි වුනා. එකයි හන්දි ගානේ, කණු ගානේ වවුල් ඩාන්ස් දාන්නේ.

      බලමු රටට ඕන කරන විදියට ඡන්ද දායකය වෙනස් වෙලාද කියල.

      Delete
    3. අපි බල්ලො වෙනුවට බව්වෝ ටිකක්වත් තෝරගමු අප්පා.. උන් පිච්චු බල්ලන්ට වඩා චෝයි අනේ...

      Delete
    4. ඔවු අයියෝ..

      චෝයි බව්වෝ ටික.
      හොඳ හීලෑ වට හද්දාගත්ත හැකි හිටං.

      Delete
  3. හිතුමතේ ජීවිතේ කඩු තුඩු මත රැඳෙණා
    නිදහසේ රජවරු නිදැල්ලෙ ඉගිල්ලිලා...//

    සද්දෙන් වැඩ නෑ ඉන්නේ හයියෙන්
    දන්නෝ දනිතී කවුදැයි මන්දැයි
    ලොව ම පිට පෙරළිලා
    හිසට බර වැඩි වෙලා
    කවුරු ද හැඬුවේ......

    ගැහුවත් වැල්ලේ කැරකෙයි බඹරේ
    මැරුවත් නොමැරේ අපගේ උරුමේ
    ලොවම පිට පෙරළිලා
    හිසට බර වැඩි වෙලා
    කවුරු ද හැඬුවේ......

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : සරත් දසනායක
    ගායනය : ග්‍රේෂන් ආනන්ද

    ReplyDelete
    Replies
    1. //ගැහුවත් වැල්ලේ කැරකෙයි බඹරේ
      මැරුවත් නොමැරේ අපගේ උරුමේ//

      ඔන්න ඔහොම හැමදාම වෙයි කියල තමයි පවුල ම හිතන් හිටියේ.
      මොනා කරන්නද?
      දුක තමයි නේ..

      -------
      උඹේ සින්දුව නම් ඉරට තිතට එලටම මැච් වෙනවා.

      Delete
  4. මේමනෙ විභිය බොස්
    ඔතන වලා තියෙන්නෙ ජාත ආලෙන් මත්විච්චි දේසානුරාගයෙන් ඔද වැඩිච්චි තරුණ පිරිසක් අර අදිරාජ්ජවාදී කුමන්තන කාරයන්ට කෝප වෙලා පොඩ්ඩක් සලකපු එක නෙව
    ඇත්ත වසයෙන්ම කියනව නං ඔතන බැණල විතරයි ගහලම නෑ
    ඕ යේස්....

    නයි ටී ඇං බලන අපේ වත්ත කොනේ හිටි අයාලේ යන ගවයෙක් කියු කතාවකි
    (මෙය මුදල් ගෙවා පෙචාරය කන ලදී)

    ReplyDelete
    Replies
    1. පවු ඉතින් ඒ අහිංසක අසරණ ගවයා.

      Delete
  5. බලපන්කෝ බ්‍රෑන්ඩ් එකත් කියලා සැට් වෙන්න හිටපු එක කෑවානේ

    ReplyDelete
    Replies
    1. මෙන්ඩෝ බලපන් බන් නිදහසේ බෝගක් වත් බලාගන්න නැනේ මේ රෙද්ද ඡන්දයක් නිසා .මම අයෙත් බොලොග් කියවන්න එන්නේ 15න් පස්සේ .ඕ යේස්

      Delete
    2. ඔවු බන් දවස් හයකට සින්දු හයක් දාල සතියම පාටි දාන්න හිතන් හිට්යේ.

      පාටි මූඩ් ඔක්කොම කෑවා

      Delete
  6. සමනලී ෆොන්සේක නංගිට අළුත් ආඩලයක් ඇතිඋනා මෙයාල.. මං හිතාගෙන උන්නට වඩා යමක් කමක් ගෑල්ලමයට තේරෙනවනේ..

    ReplyDelete
  7. අජිතා රෝහිණී හෙවත් ගෑනිට ඇන්ද පොලොස් මාද්දිය පොරකාසක (ගෙදරට පරකාසේ රටට මරගාතේ) කියලා තිබුණේ ඔක්කොම අල්ලනවා කියලා. වැඩිය මිරිකන්නේ නැතුව අල්ලන්න වෙයි නැත්තං තලෙනවනේ සැට්එකම.

    ReplyDelete
    Replies
    1. පොලොස් තුමා කෙසේ වෙතත් අප්පලා පුතාලා ඔක්කොම ජැකී ව නම් අල්ලලා ඇති

      Delete
  8. අපිනම් මරාට සහය දෙනවා
    ඉක පුරාගෙන

    කළගුණ සලකන්නැ ඕන කන්න බොන්න් නැතත්

    ReplyDelete
    Replies
    1. අපි 2010 දී කාලගුණ සැලකුව නොවැ.

      ඔය අපිට සැලකුවේ මදි නොකියන්න කටුනායක, හලාවත, රතුපස්වල වගේ තැන් වලදී.

      සන්තෝසේ උතුරනවා බන්.

      Delete
  9. //වෙන රටක කලාකාරයෙක්ට ලැබෙන ධනය , සැලකිල්ල ගෞරවය දිහා බලන කොට මේ මිනිස්සු තාමත් මේ රට ඇතුලේ ඉඳගෙන කළා කටයුතු කරන එකම ලොකු කැපවීමක් ය//

    දේශද්‍රෝහී කතාවකි.
    හුහ් ඇයි පිටරට?
    මෙහෙත් පුලුවන් සල්ලි හොයන්න. ඇයි දැකල නැද්ද කලාකාරයන්ගේ ටීවී ඇඩ් මේදවස්වල.

    ,

    ReplyDelete
  10. ඔහ්..

    ඔවු ඔවු..එව්වා එහෙම තමයි..

    හොඳ හැටි ලෙවකන්න පුලුවන්නන්ම් ඕන කෙනෙක් ගේ කල්ල මරේ...

    ReplyDelete
  11. //වැඩියේ ප්‍රචලිත නැති මාධ්‍යයක් වන බ්ලොග් වල අපි කතා කරන තරම් වත් ජැක්-සන් , මධු-මාදව , රන්-දෙනිය , ගීතා , ගයේෂා වගේ මහලොකු සංවේදී ,ජනමූල, මනෝමූල කළා කාරයෝ අද වෙච්චි දේ ගැන වචනයක් කතා කරන්න කට ඇරියේ නැත. //

    කට ඇරියනං ඩොලර් ඔහ් සොරි සොරි...සුපිඅල් පන්දාහෙ කොල කටින් පනිනවනෙ. ඒකයි..

    ReplyDelete
    Replies
    1. සමහර විට පන්දහේ කොළ උගුරේ පැටලිලා ඉස්මොල්ලේ යන්න පුළුවන්.

      Delete
  12. මචෝ... උඹ බොනවද? බොනවනං වරෙං අඩියක් ගහලා ඇවිත් බල්ලන්ට දෙන්ඩ දුවන්ඩ. මේ, මං යනවා ඉයර් එන්ඩ් පාටියට.
    උඹටයි ගෙදර සේරටමයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල.

      බොනවා නේන්නම්.

      ඔහොම හිටපන් එන්න අඩියක් ගහන්ට.

      -------
      ok .
      උඹටත් ගෙදර හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  13. විභීෂන මචං......................

    සුභම සුභ නව වසරක් වේවා........................

    කුගැගීප

    ReplyDelete
    Replies
    1. ඔබලාටත් සුබම සුබ නව වසරක් වේවා...

      Delete
  14. කවුදෝ බල්ලෝ එලියට දැම්මේ!!
    බුහ්! බුහ්! බුහ්!!

    ReplyDelete

කමෙන්ට් කලාපය....