2016-12-13

කාදිනල් සහ නත්තල් ගහ-පසු වදන


අතර මග නැවතුනු "ලෝකේ උසම නත්තල් ගහ" ආපහු පටන් අරගෙනය.
සතියකට කලින් සල්ලි නාස්තියක් විදියට කාදිනල් තුමාට පෙනිච්චි නත්තල් ගහ , අගමැතිතුමා එක්ක කළා ය  කියන සාකච්ඡා වකින් පස්සේ  හොඳ වෙලා ය.

2016-12-12

කාදිනල් සහ නත්තල් ගස සමග හෙළුවෙන් ෂොපින් බුකී ඇඩ්මින්ස්

ලෝකේ උසම නත්තල් ගහ හිටවන්න ගිහිං කට්ටියක් හොට බිම ඇනගෙන දැන් දණ්ඩෙන් පහර කෑ සර්පයින් වගේ ඉවක් බවක් නැතිව කාදිනල් මැල්කම් රංජිත් බිෂොප් තුමාට පහර දෙන්න පටන් අරගෙන ය.
ඒ ගහේ නිර්මාණකරුවා යයි කියන මනුස්සයා එයාගේ හීනයක් හැබෑ වුනේ නැතිය කියා ටීවී එකේ වැලපෙනවා ය.

2016-12-04

අරුම පුදුම අසනීපය


පිස්සුවෙන් පටන් ගන්න
පිස්සුවෙන් ලියන

2016-11-14

විභීෂණ ගේ Hindi Top 10

අපේ සහෝදර දිනේෂ් ගේ වර්ණ බ්ලොග් එකේ තිබ්බ හින්දි ටොප් 10 චැලේන්ජ් එක විභීෂණ දැක්කේ මේ ඊයේ පෙරේදා ය. විභීෂණ පහුගිය ටිකේ බ්ලොග් වලට කොච්චර සමීපව හිටියාද කියන එකෙන්ම තේරුම ගන්න පුළුවන.

2016-11-13

හොල්මන් රටකට හොල්මන් අයවැයක් මිස ...

හොල්මන් කියන්නේ හදිසියේ මතුවෙලා ඔහේ වැනි වැනි පාවී පාවී ඉන්නා කොට්ටාශයක් ය. එවෙලේ තියෙන දෙයක් පස්සේ ඔහේ පාවී ගෙන ගහගෙන යනවා හැරෙන්නට පොඩි පහේ සද්දයක් දැමීම හැරෙන්නට වෙන වැඩක් ඇති යමක් කරන්න හොල්මනකට හැකියාවක් කල්පනාවක් නැත.

2016-11-05

මිතුර ඔබට යන්න අවසරයි..

කිසිත් නොකියා
හඬකුදු  නොනගා
සමුගෙන ගියත් 
සදහටම මා හැරදා
තරහක් නැත 
මා මිතුර
බිඳකුදු කිසිදා

2016-10-05

50000 යි


ලියන ලියන හැම දේම කියවන්න
කොහොම කොහොම හරි ඇවිත් ගොඩවෙන
මොනවා මොනවා හරි ලියලා යන
මොනවා මොනවා හරි බැනලත් යන
මොනා වුනත් 
විභීෂණ අඩවිය  අමතක නොකර
අද මේ වෙනකන් 
හිටපු
හිටින
හැමෝටම
දෙවැනි විභීෂණ ගේ 
හදපිරි
ස්තුතිය
ප්‍රණාමය
භක්තිය
ආදරය
ගෞරවය
පිළිගැනීම
ප්‍රේමය
දයාව
අරක
මේක හැම එකම
....
එහෙනම් ඉස්සරහටත් 
හම්බුවෙමු 
නේද??

2016-10-02

සමාවෙන්න හංසි(3)...

දිගටම ලියාගෙන ගිහින් ඉවර කරන්න හැදුවත් , කොටස් දෙකක් ඉවර වුනු තැන හදිසියේ නවත්තන්න සිද්ධ වුනු "සමාවෙන්න හංසි" කතා මාලාව නැවතුනු තැනින් අද සිට පටන් ගන්නේය.
කතා ලිවීමේ මහා ලොකු හැකියාවක් නැති මේ විභීෂණ ඔන්න ඔහේ උන්නත් දාහයි මළත් දාහයි කියලා, කියෝන එකෙක් කියවයි නේ කියලා හිතලා ඒ තරම් ඕන කමක් නැතුව ලියන්න පටන් ගත්තු මේ කතාව හිතුවාට වඩා ටිකක් විතර සාර්ථකයි කියලා දැනෙන්න පටන් ගත්තේ කතාව හදිසියේ නතර කලාට පස්සේ ය.
අපේ බ්ලොග් ලෝකේ ඉන්න හංසි ත්, නිර්මාණි ත් බුකියේ සැට් වෙච්චි කීප වතාවකදී ම  ඇහුවේ අර කතාව ලියන්නේ නැද්ද කියලා ය.
පොලිටි කල් ම ලියලා ලියලා කුරුවල් වෙලා තියෙන මේ අඩවියට මේ කතාව පොඩි වෙනසක් එකතු කරලා වගෙය.
කොහොම හරි ඉතින් බාගෙට වැඩක් කරලා අතැරලා දානවා ට වඩා ඉවර කරන හිතට සැනසීමක් නිසා , හදිසියේ නැවතුනු කතාව ආපහු පටන් ගන්න විභීෂණ කල්පනා කළේය.

එහෙනම් ඉතින් ඔන්න කතාව...

=========================================================================
මෙතෙක් කතාව ....

අද එතැන් සිට..

"සිහින කුමරිය..සිහිනලෝකෙක..තනි කරා මා ...ආ.ආ..ආ..
මගේ හැඟුමන්..නුඹේ හැඟුමන් යා කලා...ආ...ආ..."
ආ...ආ...ආ..

ආ...ආ...ආ...

"

2016-09-13

අන්තරේ - පුලුවන්නම් කරලා පෙන්නපල්ලා..

සිරි ඉල්ලන්කාව තුල ක්‍රියාත්මක වන තවත් නිල නොවන ත්‍රස්තවාදී සංවිධානයක් වන "අන්තරේ" කියන තුප්පහි කල්ලියේ ලොක්කාය කියන එකා  හරි ලස්සන ප්‍රකාශයක් කරලා තියෙනවා ඊයේ පෙරේදා  පත්තරවල දකින්න ලැබුනේය.

"සයිටම් වහන්න ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැත්තන් දැනටත් වඩා පුළුල් ජනතා  බලවේගයක්  ආණ්ඩුවට එරෙහිව ගොඩනගනවා "

අම්මට හුඩු කිව්වලු..

2016-08-19

මම කැමතිම ගී දාසය | MY SWEET 16

ටික කාලයක් වහන් වෙලා හිටලා ආපහු බ්ලොග් අවකාසේට ඔලුව දාලා බලනකොට බොහොම කලාතුරකින් සිද්ද වෙන ජාතියේ තවත් අමුතුම ලස්සන වැඩක් පටන් අරන් බව දැනගත්තේ බ්ලොග් කාරයෝ කීප දෙනෙක්ගේම අලුත් පොස්ට් කියවන්න ගියාමය.

2016-08-01

අලුත් කුණුහරුප -01; යහපාලනය

යහපාලනය කියන්නේ ලෝක දේශපාලන ය ඇතුලේ දශක ගානක් හෝ ශතක ගානක් කියවෙච්ච නමුත් සිරි ඉල්ලන්කාවේ දේශපාලන ඩික්ෂනරියට  මීට අවුරුදු දෙහෙකටවිතර කලින් එක්කාසු වෙච්ච හරි අපූරු වචනය ක් බව හැමෝම දන්නා කියන කාරණාවක් ය.

2016-07-23

අලුත් කුණුහරුප

කුණු හරුපයක් කියන්නේ මොනාද කියලා ඇහුවොත් , ඒ කියන්නේ can you define "Filthy word" ? කියලා කාගෙන් හරි සිංහලෙන් ඇහුවොත් ඌ මොන වගේ උත්තරයක් දෙයිද?

2016-06-24

කුහකයිනි, පවු නොදී ගෙදර පල


SAITM එකට සහ  ප්‍රයිවට් කැම්පස් වලට විරුද්ධ ව රෙද්ද උස්සන් දගලන කැම්පස් හැත්ත වෙත  ලියන වගයි,

තොපි ඊයේ පෙරේදා කොළඹ දී උද්ගෝෂණ ය කරන්න ගිහින් ඉල්ලගෙන කාපු හැටි අපි හොඳ හැටි ගෙදරට වෙලා ටීවී එකෙන් නැරඹුවෙමු. තොපි  ගුටි කාපු හැටි වතුර නාපු හැටි දැකලා " අනේ මේ අපේ අහිංසක දරුවෝ නේද කියලා " එක තප්පර්රෙකට විතර පුංචි දුකක් ඇති වුනත්  තොපි  ඒ උද්ඝෝෂණය කරන්න ආපු හේතුව අහපුවාම කලින් පහල වෙච්ච  දුක සේරම නැති වෙලා "තව ගහපිය ඔය ඊරිසියා කාර හැත්තට" කියලා හිතුනු බව අවංකව ම කියන්නේ  ඒ එවෙලේ තොපි  ගැන ඇතිවෙච්ච් ඒ කේන්තිය නිසාමය.

2016-06-20

කේස් එකක් අවශ්‍ය නැති රළු දුරකථන 5ක්



ස්මාර්ට් දුරකථන අපි වැඩියෙන් ම ආදරය කරන අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි දුරකථනයක් මිල දී ගත්විට එය ආරක්ෂිතව තියාගන්න උපරිම උත්සහා කරනවා. ඒ අපි ඒ වෙනුවෙන් ගෙවන මිල නිසාම නොවේ ස්මාර්ට් දුරකථනයකින් කළ හැකි දේ බොහෝ නිසා එහි වටිනාකම තවත් වැඩිවෙනවා. මෙවායේ ආරක්ෂාවට විවිධ කේස් සහ බෑග් වර්ග තිබෙනවා නමුත් සමහර දුරකථන වලට මේවා අවශය වෙන්නේ නෑ. ඒ කියන්නේ මේ දුරකථන  වල ආරක්ෂාවට කේස් එකක් අවශ්‍ය වෙන්නේ නෑ. මේ දුරකතන එවා විසින්ම ආරක්ශා වීමට තරම් ශක්තිමත්. මේ සුවිශේෂි වාසිය නිසා භාවිත කරන්නන්ට කේස් වලට යන මුදල් ඉතිරිකරගැනීම්ට වගේම නිරන්තර අලුත්වැඩ්යා  කිරීම් සහ නඩත්තු කිරීම් වලින් බේරෙන්නත් පුළුවන්.

2016-06-18

සීයක් ලිව්වා හිටං _අද ඉඳන් ටිකක් වෙනස් හිටං

අද මේ ලියවෙන්නේ විභීෂණ අඩවියේ සියවෙනි පොස්ටුව ය.

පොස්ටු සීයක් ලියා ගන්න තරම් හයියක් ආවේ කොහෙන්ද කියලා නම් විභීෂණ වත් දන්නේ නැති කාරණයක් නිසා ඔබ තුමන්ලා තුමී ලා ඒ ප්‍රශ්නය අහන්න ගිහින් නිස්කාරනේ විභීෂණ ගේ සුරතල් යක්ෂයා ආරුඪ කරගැනීමෙන් වලකුනාට කම් නැත.

කොහොම හරි ඉතින් අර මම මීට මාස ගානකට කලින් කිව්වා වගේ අනේකාකාර එක්ස්පෙරිමන්ට් ගොඩකට පස්සේ පටන් ගත්තු විභීෂණ අඩවිය අද වෙනකන් ඒ කියන්නේ පොස්ට් සීයක් වෙනකම්ම ලියාගෙන එන්න තිබ්බ ලොකුම් හයිය වුනේ මම ලියෝපුවා කියෝලා ගල් හෝ මල් සහිත කමෙන්ට් වලින් සහයෝගය දක්වපු ඔබ තමුන්නාන්න්සේ ලා ය.
ඔබ ලා නොහිටින්න විභීෂණ අඩවිය වැළලිලා ඒ තැන් වල ගසුත් පැලවෙලා ය.

2016-06-15

PET SCAN එකක් ගත්තා වගේ නෙමේ

දෙරණ සැට් එකයි තව තව ආයතන කීපෙකුයි මුළු ලංකාවේම මිනිස්සුයි එකතු වෙලා මහරගම පිළිකා රෝහලට රුපියල් වලින් කොටි විස්සක් වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබා ගන්න කරපු දීප ව්‍යාප්ත ආධාර එකතු කිරීමේ ව්‍යාපාරය සාර්ථක වුනාය කියන ඒ ඇහැ අගට සතුටු කඳුළු බිඳක් එක කරන ඒ නිවුස් එක පහුගිය දවස් ටිකේ කණට වැටුනේ ය.
දෙරණ කරන ගොඩක් දේවල් ගැන විවේචන තිබුනත් මේ වැඩේ ගැන නම් විභීෂණ එකෙන්ම දෙරණට රෙස්පෙක්ට් කරන්නේ ය.

2016-06-11

ඒකාබද්ධ හූනියමේ පිහිටෙන් රවී කරුණානායක ස්ථාවර විය.

කිසිදා නොසිතු විදියට උන් හිටි ගමන් බලය අහිමිවීම නිසා වික්ෂිප්ත භාවයට , උම්මත්තක භාවයට පත්වී සිටින ඒකාබද්ධ හුනියමේ මල පෙරේත රංචුව ට අවුරුදු එකහමාරක් ගිහිනුත් තාමත් පියවි සිහියට පැමිණ නැත. 

2016-06-05

සයිබරයෙන් විසිවුනි . ආපහු ආවෙමි

සයිබර් අවකාශය අපේ ලයිෆ් ස්ටයිල් එකට කොච්චර බලපැමක කරලා තියෙනවද කියලා දැන ගන්න අවශ්‍ය නම කරන්න තියෙන එකම සහ හොඳම දේ ටික කාලෙකට එකෙන් එලියට පැනීම බව මේක කියෝන ඔහෙලාත් ලියන මම විභීෂණ ත් හොඳින්ම දන්නා කාරණයක් ය.
එත් ඒ හොඳම අවස්ථාව කැමැත්තෙන් ලබා ගන්න කිසි කෙනෙක් නැත. හිටියත් ඉන්නේ අතිශයින්ම සුළු ප්‍රමාණයක් පමණය.

2016-05-08

කැම්පස් ගැන කතා කරන්න කැම්පස් ගිහින් වරෙවු හෙවත් මෝඩ උගතුන්ගේ බංකොලොත් තර්කය

කැම්පස් එකට කලිසම් ඇඳන් ආපු අලුත් හෙවත් නවක කෙල්ලෙකුට තව සීනියර් කෙල්ලෝ කීපදෙනෙකුයි කොල්ලෙකුයි දවස ගානක් කුණුහරුප කියලා නවකවදය දීමත් ඒ වසවර්ති සැට් එක පොලොසියට කුදලාගෙන යාමත් දැන්  බුකියේ ඉතාමත් සීරියස් ලෙසටත් බ්ලොගේ ඊට ටිකක් විතර අඩුවෙනුත් නැගලා යන ටොපික් එක වී ඇත.

2016-04-17

අවුරුද්දේ අපි

ටීවී එකේ නැකතට
පන්සල් ගිය පු

2016-04-16

සමාවෙන්න හංසි(2)...

මෙතෙක් කතාව ....
------------> 1 වෙනි කොටස

අද එතැන් සිට...


ම්ම්ම් ඔය එන්නේ අපේ මාස්ටර් මයින්ඩ් එක ...
රවියා ගේ ෆිට් එක හින්දාම හොඳට ගියා..
නැත්තම් මෙච්චර සුපිරි ලැබ් එහෙක අපි ඉතින් කවදා සින්දුවක් කියන්නද?

2016-04-15

සුබ පැතුම් මා ප්‍රිය සොඳුර !!!!



අමතක නොවෙනු ඇත
කිසිදා ඔබේ වචන
මැකී නොයනු ඇත
කිසිදා ඔබේ මතක

2016-04-14

පොඩි අලුත් වැඩක්


අලුත් අවුරුද්දේ බ්ලොග් පොස්ට් කියෝ කියෝ ඉන්න කොට පොඩි අලුත් වැඩක් කරන්නන ඕන කියලා විභීෂණ ට හිතුනේය.

2016-04-13

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

සතුරු කම්  දුරු වෙන
මිතුරු කම්  ඇති වෙන

2016-04-10

සිවුරට බනින්න එපා ? ඇයි මොකද ? සිවුර උතුම් ද ?


සිරි ලංකාව වනාහි අන්ධයින්ගෙන් සපිරි සුපිරි මන්දබුද්ධික භූමියක් බව හැමදාම සිද්ධ වෙන නොයෙක් ආකාර මන්ද බුද්ධික වැඩවලින් තේරුම් බේරුම් කරගන්න ඇස ඇරගෙන කන් ඇරගෙන රටේ ලෝකේ සිද්ධ වෙන දේවල් දකින අහන මනුස්සයෙක්ට එච්චර අමාරු වැඩක් නම් නොවන්නේය.

2016-04-03

නීතියෙන් එක්සෙප්ෂන්(Exceptions) බලාපොරොත්තු වීම.

සාමාන්‍ය පොදු අර්ථ දැක්වීම අනුව නීතිය කියන්නේ හැමෝටම එක සමානව සලකන සහ සැලකිය යුතු යාන්ත්‍රණයක් වුනත් නීතිය ඉදිරියේ හැමෝම එක සමාන වුනත් සිරි ඉල්ලන්කාවේ සමහරුන්ට ඒ වගේ නීතියකින් වැඩක් නැති වග ඒ වගේ නීතියකට කැමති නැති බව අපිට හොඳ හැටි පැහැදිලි වන්නේ ය.
මෑතකදී සිද්ධ වෙච්ච සිද්ද්ධි කීපයකින්ම අපිට ඒ බව කිසිම කරදරයකින් තොරව තේරුම් බේරුම් කර ගන්න පුළුවන.

2016-03-27

නෙලුම් යාය ට ආවෙමු..පීනුවෙමු...


ඔන්න ඉතින් අපිත් නෙලුම් යාය ට ආවේය.
තෑගි බෝග වගේම සම්මානත් ගත්තේය.

2016-03-23

නෙලුම්යාය බයිලා 2

නෙලුම් යාය බ්ලොග් මංගල්ලේ වෙනුවෙන් මෙන්න විභීෂණ ගෙනුත් බයිලා පාරක්..

හා කමෝන් මල්ලි..දීපල්ලා... සද්දෙට අප්පුඩි යක්...කියමු මාත් එක්ක...


2016-03-22

මළබද්ධේ සහ පොස්ට් මොටම්

ගොම්මන්පිල, තුම්මුල්ලේ විමලසිරි,පාසු වකා , බොරලුගොඩ සුනඛයා , තිත්ත විතා-රෙන ලා එකතුවෙලා හදාගත්තු මළබද්ධ විපක්ෂෙට දැන් නම් සත්‍ය වශයෙන්ම සහසුද්දෙන්ම මලබද්ධය හැදිලා වගේය. කරන කියන වැඩ වලින් අපිටනම් ඊට එහා දෙයක් පෙනෙන්නේ නැත. හෙන අමාරුවෙන් තටමනවා ඇරෙන්න එහෙමයි කියලා දෙයක් වැටෙන්නෙත් නැත. ඉඳල හිටලා වැටෙන්නෙත් මී බෙට්ටක් සයිස් එකක් ය. එකත් එනවා දකිනවා විතරය වැටෙනවා ඇහෙනන්ත් නැතිය.

2016-03-02

කුලියාපිටියේ සක්කිලි හැත්ත...

සිරි ඉල්ලන්කාවේ කුලියාපිටිය කියන ගමේ ඉන්නේ අමන තක්කඩි මිනිස්සු කොට්ටාශයක් බව අද ලෝකෙටම ඔප්පු වී හමාරය. ඉස්කෝලෙට ඇතුල් කර ගත්තු අහිංසක ළමයෙක්ට HIV තියෙනවාය කියලා පැතිරිලා ගිය රාවයක් හින්දා කලබල වෙච්ච මේ තක්කඩි රැල නටපු තොවිලේ අන්තිමේදී අද අවසන් වුනේ ඉගෙනීමට ආසාවෙන් හිටපු ඒ පුංචි මල් කැකුලට තමුන් ඇතුලත් වෙච්ච ඒ පාසලත් අහිමි වී යාමෙනි.

2016-02-29

රන්ජා වෙත...

දෙවැනි විභීෂණ,
විභීෂණ අඩවිය


අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී  වන් ෂොට් හෙවත් රන්ජා වෙත කරුණාවෙන් ලියන වගයි

2016-02-22

ජීවිතය කොයිතරම් දුකක් ද?

ජීවිතය කියන්නේ කොයිතරම් පුදුමාකාර දෙයක්ද?
එක ඇතුලේ මොනතරම් සතුටුදායක දේවල් වෙන්න පුලුවන්ද? මොනතරම් කටුක දේවල් සිද්ධ වෙන්න පුළුවන් ද?
මනුස්සයෙකුට කොයි තරම් දරුණු රෝගාබාධ හැදෙන්න පුළුවන් ද?
මනුස්සයෙක්ට තමුන්ගේ ජීවිතේ ගැන මොනතරම් දරුණු තීරණ ගන්න පුලුවන්ද?

2016-02-06

දෙවොල් දෙවියන්ගෙන් කෝල් එකක්

නිසකලංකව පත්තරේ බලං ඉන්න අස්සේ එකපාරටම විභීෂණ ගේ අලුත්ම  සන්සුන් අන්දිරිස් ලොලිපොප් පෝන් කට්ට තොරතෝංචියක් නැතුව රින්ග් වෙන්න පටන් ගත්තේය ය.
මොකටත් කියලා ආන්සර් කරන්න කලින් නොම්මරේ බැලුවේ නොදන්නා එවුන්ගෙන් එන කෝල් හැකිතරම් මග ඇරීම ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්තු කාලේ ඉඳන්ම තිබ්බ පුරුද්දක්නිසාය.

2016-01-20

මහින්ද මහත්තයෝ අති විශිෂ්ඨ යි..

හරි හමන් නිවුස් එකක් නැතිව 
වේලි වේලි ඉන්න

නිරුවත් ගෑනු මළමිනී
ලේ බින්දු
කඳුළු
පුලුවන්නම්
කවුරු හරි "පොරක "  ගේ 
වමනේ ගූ හුජ්ජ හරි
පෙන්නගෙන
රේටින්ග්ස් අප් කරන්න දඟලන

2016-01-11

ඔයා දන්නවද ?

දන්නවද කෙල්ලේ
කොච්චරක්  මම 
ඔයාට ආදරේ කලාද කියලා..